කොවිඩ් ආසාදිත තවත් මරණ 26ක් – තුන්මස් බිළිඳියකුත් ඒ අතර

0 0

කොවිඩ් 19 ආසාදිත තවත් මරන 26ක් වාර්තා වන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

එම මරණ මැයි මස 03 වැනිදා සිට 10 වැනිදා දක්වා සිදු වූ ඒවා බවටයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ(10) තහවුරු කර තිබෙන්නේ.

මෙලෙස මරණයට පත්වූවන් අතර වයස මාස තුනක් පමණ වූ බිළිඳියක්, කාන්තාවන් 11 දෙනෙක් සහ පිරිමි පුද්ගලයන් 14 දෙනෙක් වනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 827ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read Also This News : නෝර්වුඩ් හි පෞද්ගලික ඇඟලුම් කම්හලක් තාවකාලිකව වැසේ

බිළිඳිය මහනුවර වත්තේගම ප්‍රදේශයේ පදිංචි බවත් ඇය මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් නියුමෝනියාව බහු ඉන්ද්‍රිය අක්‍රීය වීමේ තත්ත්වයි.

සෙසු පුද්ගලයින් මාළඹේ, නෑබඩ, මාස්වෙල, කඳාන, කොළඹ 15, බොරැල්ල, මල්වාන, මොරටුව, කලුඅග්ගල, කොළඹ 06, අනුරාධපුරය, කළුතර, මොරොන්තුඩුව, අකුරැස්ස, කළුතර, මීගහගොඩ, යාපනය, පාදුක්ක, මතුගම, මහනුවර, පල්ලේවෙල, හෙට්ටිපොල සහ ගාල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් සහ කාරියන් වනවා.

එම සවිස්තරාත්මක සටහන පහතින් දැක්වේ.

කොවිඩ් ආසාදිත තවත් මරණ 26ක් - තුන්මස් බිළිඳියකුත් ඒ අතර කොවිඩ් ආසාදිත තවත් මරණ 26ක් - තුන්මස් බිළිඳියකුත් ඒ අතර කොවිඩ් ආසාදිත තවත් මරණ 26ක් - තුන්මස් බිළිඳියකුත් ඒ අතර

You might also like
Comments
Loading...