අද දවසේ කාලගුණ තත්ත්වය

0 2

දිවයිනේ සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල , මාතර, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසිද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

බස්නාහිර සහ දකුණු පළාත්වල තැනින් තැන උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Read Also This News : නෝර්වුඩ් හි පෞද්ගලික ඇඟලුම් කම්හලක් තාවකාලිකව වැසේ

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලිකක තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඉදිරි පැය 24ක කාලය සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා නිකුත් කළ කාලගුණ අනාවැකිය පහතින් දැක්වේ.

අද දවසේ කාලගුණ තත්ත්වය

You might also like
Comments
Loading...