කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට වවුනියාව ජනතාවගෙන් පරිත්‍යාග

0 0

[මාධව කුලසූරිය – වවුනියාව ] වවුනියාව ආර්ථික මධ්‍යස්ථාන භූමියේ ඉදිකරන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත වවුනියාව දිස්ත්‍රික් ජනතාව විසින් විදුලි පංකා ඇතුළු අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ඊයේ(10) සිදු කර තිබෙනවා.

වවුනියාව තමිල් විරුදයම් සංවිධානයේ සභාපති එස්. චන්ද්‍රකුමාර් කන්නන් මහතා ප්‍රමුඛ වවුනියාව දිස්ත්‍රික් සිවිල් සංවිධාන නියෝජිතයින් විසින් වවුනියාව දිස්ත්‍රික් ලේකම් එස්.එම්. සමන් බන්දුලසේන මහතා වෙත අදාළ පරිත්‍යාග ලබාදීම සිදු කර තිබෙනවා.

ඇඳන් 250 කින් යුතුව වවුනියාව දිස්ත්‍රික් හදිසි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වන්නි යුධ හමුදා නිළධාරීන් විසින් වවුනියාව ආර්ථික මධ්‍යස්ථාන භුමියේ ඉදිකරනු ලැබුවා.

Read Also This News : ඊයේත් ආසාදිතයන් සංඛ්‍යාව 2600 ඉක්මවයි

ඉදිකළ නව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ අවශ්‍යතාවය වෙනුවෙන් විදුලි පංකා ඇතුළු විදුලි උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම එහිදි සිදුකෙරිණි.

එම අවස්ථාවට වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රෝහණ බණ්ඩාර මහතා ඇතුළු නිළධාරීන් පිරිසක්ද එක්ව සිටියා.

You might also like
Comments
Loading...