වනඅලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

0 1

[පාලිත ආරියවංශ – බදුල්ල] බදුල්ල, සොරණාතොට, තැන්පංගුව ප්‍රදේශයේදී මහ මග ගමන් කරමින් සිටි  කාන්තාවකට වනඅලි ප්‍රහාරදීමක් සිදුව තිබෙනවා.

අද (11)අලුයම 3.00 ට පමණ සිදුව ඇති මෙම වනඅලි ප්‍රහාරයෙන් අදාළ කාන්තාව මියගොස් තිබෙනවා.

වනඅලි ගම්මානයේ බව බෝග විනාශ කරමින් මේ දිනවල සැරිසරණ බවත් වනජිවි නිළධාරින් අවශ්‍ය පියවර ගෙන නොමැති බවටත් ගම්වැසියන් චෝදනා කර සිටිනවා.

සොරණාතොට ප්‍රාදේශීය ‍ලේකම් නිමේෂා වනසිංහ මහත්මිය කියා සිටියේ අදාළ ගම්මානයේ වනඅලි දෙදෙනකු සැරිසරණ බවට ගම්වැසියන්ගෙන ලද පැමිණිලි අනුව තමාද වනජීවි නිලධාරින්ට දැනුම් දී තිබූ  අවස්ථාවක මෙම අපරාධය සිදුව ඇති බවයි.

Read Also This News : කොවිඩ් ආසාදිත තවත් මරණ 26ක් – තුන්මස් බිළිඳියකුත් ඒ අතර

You might also like
Comments
Loading...