යාපනයේ සොර කල්ලියක සාමාජිකයින් 8 දෙනෙකු අත්අඩංගුවට

0 0

[මාධව කුලසූරිය – වවුනියාව] යාපනය දිස්ත්‍රික්කයේ නිවාසවල භාණ්ඩ සොරා ගැනීම සිදුකළ කල්ලියක සාමාජිකයින් අට දෙනෙකු ඊයේ(10) අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ යාපනය ප්‍රදේශයේ නිවාසවල නිවැසියන් නොමැති අවස්ථාවන්හිදී නිවෙස්වල භාණ්ඩ සොරාගැනීම සිදුකළ කල්ලියක් සම්බන්ධයෙන් ලද පැමිණිළි මත සිදුකළ විමර්ශනයකදී යාපනය දිසා අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් නිවාසවල පැවති වාහන කොටස්, විදුලි උපකරණ හා නිවාසවල පූජා කාමරවල භාණ්ඩ රැසක් එලෙස සොරාගෙන ඇති බවද පොලිසිය පොලිසිය කියා සිටියා.

Read Also This News : කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට වවුනියාව ජනතාවගෙන් පරිත්‍යාග

අත්අඩංගුවට ගත් සැකකරුවන් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වි සිටින වයස අවුරුදු 20 ත් 35 ත් අතර වයසේ පසුවන පිරිසක් වන බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

You might also like
Comments
Loading...