කොත්මලේ ඇඟළුම් කම්හලක 69කට කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වෙයි

0 1

[රංජිත් රාජපක්ෂ – හැටන්පු] පූඩළුඔය පොලිස් වසමට අයත් කොත්මලේ නියංගංදොර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක නිලධාරින් සහ සේවකයින් 69 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (10) දින තහවුරු වීම හේතුවෙන් එම ඇඟළුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දමා අදාළ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් ස්වයංනිරෝධානයට යොමු කිරීමට පියවර ගත් බව කොත්මලේ සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක බන්දුල වික්‍රමසිංහ මහතා පවසනවා.

එම ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් 850 දෙනෙකු පමණ සේවය කරන බවත්, ඉන් 799 දෙනෙකුගෙන් ඊයේ (10) දින සිදු කල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව අනුව එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවකයින්, නිලධාරින් ඇතුළු 69 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බවයි පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

Read Also This News : වනඅලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

ආසාදිතයන් අතර රියදුරෙකු සිටින බවත්, අසාදිතයන් කිහිප දෙනෙකු දිස්ත්‍රික්කයෙන් පිට ප්‍රදේශවල අය බවත්, අසාදිතයන් වැඩි පිරිසක් තම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පරිපාලන  මහජන සෞඛ්‍ය පරීක්ෂක බන්දුල වික්‍රමසිංහ මහතා කියා සිටියා.

තාවකාලිකව වසා දැමු පෞද්ගලික ඇඟළුම් කර්මාන්ත ශාලාව විෂබිජහරණය කර එම ඇඟළුම් කර්මාන්ත ශාලාවේ පරිපාලනය සමග සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බවයි පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

You might also like
Comments
Loading...