නිරෝධායන නීති උල්ලංඝනය කළ 548ක් අත්අඩංගුවට

0 2

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 548 දෙනෙකු ඊයේ (10) දිනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් ගණන 7864ක් බවයි.

පොදු ප්‍රවාහන සේවා ආශ්‍රිතව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සිදු කෙරෙනවාද යන්නද පරික්ෂා කළ බවත්, එහිදී දැඩි ලෙස රීතින් කඩ කළ පුද්ගලයන් 92ක් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.

Read Also This News : යල් කන්නයේ වගාවන් වෙනුවෙන් මන්නාරම යෝධ වැවේ ජලය මුදාහරියි

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.

You might also like
Comments
Loading...