පළාත් අතර සංචරණ සීමා අද මධ්‍යම රාතියේ සිට

0 0

පළාත් අතර සංචරණ සීමාවන් අද(11) මධ්‍යම රාත්‍රියේ සිට එළැඹෙන 30 වැනිදා දක්වා ක්‍රියාත්මක කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ අත්‍යවශ්‍ය සේවා සඳහා මෙම තහනම බාධාවක් නොවන බවයි.

මේ අතර කොවිඩ් 19 ආසාදිතයන්ගේ වාර්තාවීම සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී දිස්ත්‍රික්ක අතරද සංචරණ සීමා පැනවීමට හැකියාවක් ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Read Also This News : යාපනයේ සොර කල්ලියක සාමාජිකයින් 8 දෙනෙකු අත්අඩංගුවට

 

You might also like
Comments
Loading...