කොවිඩ් මරණ 23ක් – සමස්තය 850 දක්වා ඉහළට

0 0

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 850ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ කොවිඩ් 19 ආසාදිත මරණ 23ක් අද දිනයේදීද වාර්තා වීම හේතුවෙන්.

එම මරණ 23 පසුගිය මැයි 5 වනදා සිට 11 වනදා දක්වා කාලය තුළ සිදුව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ රත්මලාන, පොළොන්නරුව, පිළිමතලාව, පතන, තලවකැලේ, හල්ග්‍රන්ඔය, මාතලේ, ඇල්කඩුව, මඩුල්කැලේ, මැණික්හින්න, මාතර, තල්ගස්වල, මොරොන්තුඩුව, මහරගම, හල්තොට, වස්කඩුව, කැළණිය, මොරටුව සහ පානදුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.

Read Also This News : නිරෝධායන නීති උල්ලංඝනය කළ 548ක් අත්අඩංගුවට

එලෙස මියගිය අය අතර කාන්තාවන් අට දෙනෙක්ද වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

අද(11) දිනයේ ජීවිතක්ෂයට පත්වූවන්ගේ සවිස්තරාත්මක සටහන පහතින් දැක්වේ.

කොවිඩ් මරණ 23ක් - සමස්තය 850 දක්වා ඉහළට කොවිඩ් මරණ 23ක් - සමස්තය 850 දක්වා ඉහළට කොවිඩ් මරණ 23ක් - සමස්තය 850 දක්වා ඉහළට

 

You might also like
Comments
Loading...