අඛණ්ඩව තෙවැනි දිනටත් ආසාදිතයන් 2500 ඉක්මවයි

0 1

ශ්‍රී ලංකාවෙන් දෛනිකව වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඛණ්ඩ තුන්වැනි දිනටත් ඊයේ(11) 2500 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ ඊයේ(11) දිනයේදී ද මෙරටින්කොවිඩ් 19 ආසාදිතයන් 2568ක් වාර්තා වීමත් සමගින්.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 131,098ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් මේ වන විට ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 23,607ක් බවත් ආසාදිතයන් 106,641ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවත් වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

මේ අතර මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 850ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read Also This News : නිරෝධායන නීති උල්ලංඝනය කළ 548ක් අත්අඩංගුවට

එසේම කොවිඩ් 19 ආසාදිත බවට සැකය මත පුද්ගලයන් 1,609 දෙනෙක් රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් පසුවන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

You might also like
Comments
Loading...