ඌරුජුවා පොලිස් වෙඩි පහරින් මරුට

0 3

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු ලෙස සැලකෙන මාඹුලගේ ඩිනේත් මෙලාන් මාඹුල නොහොත් ඌරු ජූවා නමැත්තා පොලිස් වෙඩි පහරින් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ඒ නවගමුව, දැඩිගමුව ප්‍රදේශයේ පාළු නිවසක් ආසන්නයේදීයි.

පුද්ගල ඝාතන ගණනාවක් සහ කප්පම් ගැනීම් රාශියක් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් සිරදඬුවම් විඳ ඉකුත් 10 වැනිදා ඇප මත නිදහස්ව පැමිණ ඇති බවයි පොලිසිය පවසන්නේ.

Read Also This News : පළාත් අතර සංචරණ සීමා අද මධ්‍යම රාතියේ සිට

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.

මේ අතර ඌරු ජුවා නමැත්තාගේ ඝාතය සැලවීමත් සමගින් නවගමුව, දැඩිගමුව සහ වදුරාමුල්ල යන ප්‍රදේශයන්හි වැසියන් රත්ඤ්ඤා දල්වමින් සතුට පළ කළ බවද වාර්තා වනවා.

 

You might also like
Comments
Loading...