අද රාත්‍රී සිට දිවයින පුරා සංචරණ සීමා පැනවෙයි

0 0

දිවයින පුරා සංචරණ සීමා පැනවීමට රජය තීරණය කර තිබෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අද (12) සිට මැයි මස 31 වන දින දක්වා සෑම දිනකම  රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා කාලය තුළයි.

යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මැයි මස 31 වැනිදා සිට බලපැවැත්වෙන මෙම සංචාරණ සීමා කාලය තුළදී දිවයින පුරා පූර්ණ සංරණය සීමා පනවන බවයි.

ඒ අනුව එම කාලය තුළ ගමනාගමන කටයුතු සඳහා අවසර හිමිවන්නේ අත්‍යවශ්‍ය සේවා සහ ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සඳහා පමණක් බව ද යුද හමුදාපතිවරයා සඳහන් කර සිටිනවා.

Read Also This News : කොවිඩ් මරණ 23ක් – සමස්තය 850 දක්වා ඉහළට

You might also like
Comments
Loading...