ගිං ගඟේ ජල මට්ටම ඉහළට – ගංවතුර අනතුරු ඇඟවීමක්

0 0

ගිං ගංගා ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට ලැබුණු වැසි හේතුවෙන් ගිං ගඟේ ජල මට්ටම සැලකිය යුතු මට්ටමින් ඉහළ යමින් පවතින බවත් එම හේතුවෙන් ඇම්බර් වර්ණයෙන් යුතු ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරන බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

අදාළ නිවේදනය මගින් පෙන්වා දෙන්නේ ගිං ගඟේ උඩුගම ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම මේ වන විට සුළු ගංවතුර තත්ත්වයට ළං වෙමින් පවතින බවයි.

අද(13) පස්වරු හතර පමණ වන විට ජල මට්ටම මීටර් 7.20ක් මට්ටම පැමිණ ඇති බවයි.

එම ප්‍රදේශයේ මීටර් සුළු ගංවතුර තත්ත්වය ඇති වනුයේ මීටර් 8.2 න් බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නෙ.

Read Also This News : අඛණ්ඩව තෙවැනි දිනටත් ආසාදිතයන් 2500 ඉක්මවයි

එසේම එම ප්‍රදේශයෙන් මහ ගංවතුර මට්ටම ලෙසට වාර්තා වන්නේ මීටර් 10කි.

වාරි මාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ ගංගා ධාරා ප්‍රදේශවලට අද(13) රාත්‍රියේද සැලකිය යුතු ලෙස වැසි ලැබිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමෙන් පෙනී යන බවයි.

ඒ අනුව ඉදිරි පැය කිහිපය තුළ උඩුගම, මාපලගම, නාගොඩ, උනන්විටිය, වැලිවිටිය, දිවිතුර, බද්දේගම අනාරක්ෂිත ප්‍රදේශ සහ හෝලුවාගොඩ යන ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවත් දැඩි අවධානයකින් පසුවිය යුතු බවටත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

You might also like
Comments
Loading...