වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකුට කොරෝනා

0 0

[රොමේෂ් මධුෂංඛ – වන්නි] වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනකුට හා කාර්ය මණ්ඩලයේ තිදෙනෙකුටත් රෝගීන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය  ආසාදිත වී ඇති බවට පරික්ෂණවලදී අනාවරණය වී ඇති බව වවුනියාව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

වවුනියාව මහ රෝහලේ 14 වැනි වාට්ටුවේ රාජකාරී කළ වෛද්‍යවරුන් දෙදෙනකු, හෙදියන් දෙදෙනකු හා රෝහල් කාර්ය මණ්ඩල සේවකයකු මෙන්ම නේවාසිකව ප්‍රතිකාර ලබාගත් රෝගීන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදිතව ඇති බවට හදුනාගෙන තිබෙනවා.

Read Also This News : ඌරුජුවා පොලිස් වෙඩි පහරින් මරුට

ආසාදිත වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය හදුනාගත් වාට්ටුවේ සිටි රෝගීන් නිවෙස්වලම  නිරෝධායනයට යොමුකර ඇති බවත් වට්ටුව වසා දමා විෂබීජහරණය කිරීමෙන් අනතුරුව නැවත විවෘත කිරීමට පියවර ගන්නා බවටද වවුනියාව මහරෝහල් පාලනාධිකාරිය වැඩිදුරටත් කියා සිටියා.

You might also like
Comments
Loading...