වයඹ පළාත් රථ වාහන හිමියන්ට නිවේදනයක්

0 2

කොවිඩ් 19 වසංගත රෝග තත්ත්වය ව්‍යාප්ත වීම අවම කිරීමෙ පියවරක් ලෙස වයඹ පළාත වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් පී.බී.එම්. සිරිසේන මහතා කියා සිටියේ ජුනි මස 15 වැනිදා දක්වා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන බවයි.

එම කාල සීමාව තුළ කල් ඉකුත් වන වාහන ආදායම් බලපත් සඳහා නැවත ආදායම් බලපත් ලබාගැනීමේදී ජුලි මස 15 වැනිදා දක්වා දඩ මුදලක් අය නොකරන බවද ලේකම්වරයා වැඩිදුරටත් පවසනවා.

Read Also This News : අද රාත්‍රී සිට දිවයින පුරා සංචරණ සීමා පැනවෙයි

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

You might also like
Comments
Loading...