ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 140000 ඉක්මවයි

0 10

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 140,000 ඉක්මවා තිබෙනවා.
ඒ ඊයේ (15) දිනයේදී කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 2,386 දෙනෙක් වාර්තා වීමත් සමගින්.
මේ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 140,471ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන් මේ වන විට ආසාදියන් 117,220 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයන් 22,330 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මේ අතර මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 941ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිත තවත් මරණ 20ක් වාර්තා වීමත් සමගින්.

Read Also This Article : දිස්ත්‍රික්ක හතරකට නායයාමේ රතු නිවේදන
එසේම කොවිඩ් වෛරසය වැළඳී ඇති බවට සැකය මත පුද්ගලයන් 1,182 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවද වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

 

You might also like
Comments
Loading...