තවත් කොවිඩ් මරණ විස්සක් – සමස්තය 941 දක්වා ඉහළට

0 6

කොවිඩ් 19 ආසාදිත තවත් මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 941ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පන්විල, කැලණිය, බුලත්සිංහල, ගෝනපොල, ගම්පහ, කලවාන, පොළොන්නරුව අඹතැන්න, කුණ්ඩසාලේ, උතුරු කළුතර, නවුත්තුඩුව, මග්ගොන, කොළඹ 13, රුවන්වැල්ල, වවුනියාව, කොළඹ – 14, නෑබොඩ, දියතලාව සහ පස්සර යන ප්‍රදේශවල පදිංචිකරුවන් විසි දෙනෙකි.

මියගිය පිරිස අතරින් 9 දෙනෙක් කාන්තාවන් වනවා.

Read Also This News : ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ වෙසක් දින පණිවිඩය

ඒ අනුව මේ වන විට මියගොස් ඇති සමස්ත සංඛ්‍යාවෙන් 575 දෙනෙක් පිරිමි පුද්ගලයන් වන අතර 366 දෙනෙක් කාන්තාවන් වනවා.

ඊයේ(15) දිනයේ වාර්තා වූ මරණ විස්ස පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්.

You might also like
Comments
Loading...