නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිටත් කොවිඩ්

0 4

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති රවී කුලන්දවේල් මහතාට කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

ඒ දික්ඔය මූලික රෝහලේදී ඊයේ(15) දින සිදු කරන ලද ඇන්ටිජන් පරීක්ෂණයේදී මේ ව තහවුරු වූ බවයි එම රෝහලේ විශේෂඥ වෛද්‍ය උපුල් රත්නසිරි මහතා කියා සිටියේ.

සභාපතිවරයාට කොවිඩ් 19 රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් මීට දින තුනකට පමණ පෙර පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කරගෙන ඇතත් එහි වාර්තා නොලැබීම හේතුවෙන් සභාපතිවරයා ඊයේ(15) දින දික්ඔය මූලික රෝහලේදී ඇන්ටිජන් පරීක්ෂාවක් සිදුකරගෙන තිබෙනවා.

එලෙස පරීක්ෂා කිරීමේදීයි සභාපතිවරයාට කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වී තිබෙන්නේ.

සභාපතිවරයාගේ පවුලේ සාමාජිකයන් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති තිබෙනවා.

Read Also This News : දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

මේ අතර බගවන්තලාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියෙකු කියා සිටියේ සභාපතිවරයා කොවිඩ් 19 ආසාදිතයකු ලෙසට හඳුනාගැනීමත් සමගින් එම ප්‍රාදේශීය සභාවේ සේවක මණ්ඩලය මෙන්ම මොහුගේ ආශ්‍රිතයන් ලෙස විශාල පිරිසක් සිටිය හැකි බවත් එම පිරිස් සොයා ඔවුන් ස්වයං නිරෝධයනයට ලක්කර එම පිරිස්ද පී.සී.ආර්. පරීක්ෂාවන්ට යොමු කිරීමට පියවර ගන්නා බවයි.

කෙසේ වෙතත් සභාපතිවරයා පසුගිය දින කිහිපය තුළ නෝර්වුඩ් ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ විවෘත කිරීම් ඇතුළු උත්සව ගණනාවකට සහභාගි වී තිබෙනවා.

[රංජිත් රාජපක්ෂ/ හැටන් සහ මනුර සුදත් සෙල්ලහේවා – හැටන්]

 

 

You might also like
Comments
Loading...