WhatsApp පණිවිඩයක් ගැන අනතුරු ඇඟවීමක්

0 1

වැරදීමකින් ඉලක්කම් 6ක කේතයක් එවා ඇති බව සඳහන් කරමින් ඔබට WhatsApp පණිවිඩයක් ලැබුණහොත්,ඊට ප්‍රතිචාර නොදක්වන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දන්වා සිටිනවා.

එවැනි පණිවිඩයක් ඔබ දන්නා අයෙකුගෙන් ලැබුණහොත්, ඔවුන්ගේ ගිණුම අවදානමක ඇති බව ඔවුන්ට දැනුම් දෙන ලෙසටද Twitter පණිවිඩයක් නිකුත් කරමින් TRCය නිවේදනය කර සිටිනවා.

තම WhatsApp ගිණුම් ආරක්ෂා කර ගැනීම සඳහා 2 Factor Authentication සක්‍රීය කරගන්නා ලෙස ​ද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව WhatsApp පරිශීලකයින්ට දන්වා සිටිනවා.

WhatsApp පණිවිඩයක් ගැන අනතුරු ඇඟවීමක්

You might also like
Comments
Loading...