අද දවසේ කාලගුණය

0 9

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව අද(16) උදෑසන නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ උතුරු සහ උතුරු මැද පළාත්වලටද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.

එසේම නැගෙනහිර සහ ඌව පලාත්වල ස්ථාන ස්වල්පයකට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එහි සඳහන්.

සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි ද ඇති විය හැකි බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

දිවයින හරහා සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 30ක් 40ක් දක්වා වැඩි විය හැකියි.

විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ ඵලාත්වලත් සුළඟේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 50 දක්වා වැඩිය විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර දිවයින වටා මුහුදු ප්‍රදේශය සඳහා නිකුත් කරන ලද කාලගුණ නිවේදනය පහතින් දැක්වේ.

අද දවසේ කාලගුණය - LankaGround News

You might also like
Comments
Loading...