නොර්වුඩ් ඇගළුම් කම්හලේ තවත් 19 දෙනෙකුට කොවිඩ් ආසාදිත වෙයි

0 7

නොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් නිව්වැලි වත්තේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 280 දෙනෙකු සඳහා ඊයේ (15) දින සිදුකල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවේදි 19 දෙනෙක් කොවිඩ් 19 ආසාදිතයන් ලෙසින් හඳුනාගෙන තිබෙනවා.

මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා කියා සිටියේ අදාළ ආසාදිතයන්ගේ ළඟම ආශ්‍රිතයන් 60 දෙනෙක් ගෘහස්ථ නිරෝධානයට යොමු කර ඇති බවයි.

සේවක සේවිකාවන් 850 දෙනෙකු පමණ සේවය කරන එම ඇගළුම් කර්මාන්ත ශාලාවෙන් මිට ප්‍රථම අසාදිතයන් 45 දෙනෙක් වාර්තා වූවා.

Read Also This News :

එම ආසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර ඇති බවත්, ඔවුන්ගේ අසාදිතයන්ගේ ළඟම ආශ්‍රිතයන් 300 දෙනෙකු පමණ ගෘහස්ථ නිරෝධානයට යොමු කර ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියා.

ආසාදිතයන් හමු වූ පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාව සම්පුර්ණයෙන්ම විෂබිජහරණය කළ බවත්, එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සෙසු සේවකයින්ද ස්වයං නිරෝධානයට යොමු කිරීමට පියවර ගන්නා බවත් මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි. චන්ද්‍රරාජන් මහතා වැඩිදුරටත් පවසනවා.

 

You might also like
Comments
Loading...