කොවිඩ් 19 ආසාදිත තවත් ගැබිණි මවක් මරුට

0 1

කොවිඩ් ආසාදිතව මෙරට සිදුවූ සිව්වන ගැබිණි කාන්තා මරණයත් ඊයේ (15) වාර්තා වී තිබෙනවා.

තිස්සමහාරාම යායගොඩ පදිංචි වයස අවුරුදු 35ක් වූ මාස අටක් පමණ වූ ගැබිණි කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

මහරගම ප්‍රදේශයේ පැවැති දැරියකගේ සාදයකට මෙම ගැබිණි කාන්තාව ඇතුළු පවුලේ 12 දෙනෙකු පමණ පසුගිය අප්‍රේල් 29 වනදා සහභාගී වී තිබෙනවා.

ඉන් පසු ඊට සහභාගී වූ මහරගම පදිංචි 17 දෙනෙකු ආසාදිතයින් ලෙසට හඳුනාගෙන ඇති බවත් අනතුරුව මෙම ගැබිණි කාන්තාවටත් ඉකුත් 5 වනදා උණ සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති වී තිබෙන අතර දෙබරවැව රෝහලට ඇතුළත් වී එහිදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ඇය සහ සැමියා ආසාදිතයන් බවට තහවුරු වී තිබෙනවා

Read Also This News : WhatsApp පණිවිඩයක් ගැන අනතුරු ඇඟවීමක්

ඉන් අනතුරුව ගැබිණි මව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලටත්, සැමියා අම්බලන්තොට රෝහලටත් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.

එහි ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී ගැබිණි කාන්තාව අවාසනාවත්ත ලෙස මියගොස් තිබුණේ මෙළොව එළිය නොදුටු ඇයගේ බිළිඳිය ද සමගිනි.

“කොවිඩ් මාරය මගේ බිරිඳවයි දරුවවයි අරගෙන ගියා. මම අනෙක් මව්වරුන්ගෙන් ද ඉල්ලන්නේ මේ රෝගයේ තියෙන බරපතළකම ගැන හිතලා ආරක්ෂා වෙන්න කියලයි,” යනුවෙන් මියගිය ගැබිණි කාන්තාවගේ සැමියා වන අජිත් ප්‍රියන්ත පවසනවා.

රංජිත් රාජපක්ෂ – හැටන්

You might also like
Comments
Loading...