කොවිඩ් මරණ 34ක් – සමස්තය 1015 දක්වා ඉහළට

0 0

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව දහස ඉක්මවා තිබෙනවා.

ඒ අද(18) දිනයේදීද තවත් ආසාදිතයන් 34 දෙනෙක් වාර්තා වීමත් සමගින්.

ඒ අනුව දිනකදී වාර්තා කරන ලද වැඩිම කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාවද අද දිනයේදී වාර්තා කර තිබෙනවා.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටින්නේ මෙම මරණ 34 පසුගිය 11 වනදා සිට අද(18) දක්වා කාල තුළදී සිදුව ඇති බවයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ්-19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 1,015ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read Also This News : කොවිඩ් 19 ආසාදිත තවත් ගැබිණි මවක් මරුට

එලෙස මියගිය පිරිස අතරින් 15 දෙනෙක් කාන්තාවන් වන අතර සෙසු පිරිස පිරිමි පුද්ගලයන් වනවා.

ඒ අතර 20 හැවිරිදි රත්නපුර ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙක් සහ 32 හැවිරිදි දෙමටගොඩ ප්‍රදේශයේ කාන්තාවක්ද වනවා.

එලෙස වාර්තා වූ කොවිඩ් 19 ආසාදිත මරණ 34 පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින්.

 

You might also like
Comments
Loading...