නව ආසාදිතයන් 2518ක් – සමස්තය 147720 දක්වා ඉහළට

0 0

මෙරටින් ඊයේ(18) දිනයේදී කොවිඩ් 19 ආසාදිතයන් 2,518 දෙනෙක් වාර්තා වී තිබෙනවා.

ඉන් ආසාදිතයන් 2,478 දෙනෙක් අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් වාර්තා වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ(18) රාත්‍රී 8.05ට පමණ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

කෙසේ වෙතත් සෙසු ආසාදිතයන් 40 දෙනා විදේශයන්ගේ සිට දිවයිනට පැමිණ නිරෝධයනට ලක්වෙමින් සිටි පිරිස අතරින් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 147,720ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් මේ වන විට ආසාදිතයන් 121,145 දෙනෙක් සුවය ලබා රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

Read Also This News : ඇඳන් 350 කින් යුක්ත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඉරණමඩු ප්‍රදේශයේ ස්ථාපිත කරයි

කෙසේ වෙතත් මේ වන විට රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයන්ගේ සංඛ්‍යාව 25,560ක් වනවා.

එසේම ඊයේ දිනයේදී කොවිඩ් 19 ආසාදිත මරණ 34ක් වාර්තා වීමත් සමගින් මෙරට කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 1,015 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම ඊයේ(18) උදෑසන 10 පමණ වන විට රෝහල් ගත කර ඇති කොරෝනා රෝගීන් ලෙස සැකසහිත රෝගීන් සංඛ්‍යාව 1,526ක් බවයි රජයේ ප්‍රවාත්ති දෙපාර්තමේන්තව පවසන්නේ.

මේ අතර කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන යටතේ දෙවන මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව මේ වන විට 294,892ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

නව ආසාදිතයන් 2518ක් - සමස්තය 147720 දක්වා ඉහළට

You might also like
Comments
Loading...