හාලිඇළ පුද්ගල ඝාතනයක්

0 5

සිහිසුන්ව වැටී  සිටි බව පවසා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබූ 62 හැවිරිදි  පුද්ගලයෙකු   දින කීපයකට පසු  බදුල්ල මහ රෝහලේදී මියගොස් ඇති අතර එය මිනී මැරුමක් බව  පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි හාලිඇල පොලිසිය පවසනවා.

මෙසේ ඝාතනයට ලක්ව තිබුණේ  හාලිඇල  මහකුඹුර ලන්දේවෙල  පදිංචිව සිටි මුහන්දිරම්ලාගේ ජෝතිපාල නමැත්තෙකි.

මරණකරු සිය දියණිය , දියනියගේ දුව(මිනිබිරිය )  සහ පුතා  (මුනුබුරා) සමග  එකම නිව‍සක ජීවත්වන බවද විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය වූ දා සවස 6.55 ට පමණ  තරුණයන්  දෙදෙනෙක් පැමිණ  ඔවුන් පැමිණි  යතුරු පැදිය කැඩුන බව පවසා අඩුවක් ඉල්ලූ බවත්  ටික  වේලාවකට පසු යතුරුපැදිය හදාගත් බව පවසා යළි එම අඩුව ගෙනැත් දුන් බවත්  මරණකාරියගේ දියණිය පොලිසියට පවසා තිබෙනවා.

ඉන්පසු එම තරුණයන් දෙදෙනා ,  සීයා(මරණකරු) සමග  එම නිවසේ සිට මීටර් 20 ක් පමණ දුරින් පිහිටි ඔවුන්ගේම අඩක් නිමකල නිවස බැලිමට යමුයි පවසා ගොස් ඇති බව 14 මිනිබිරිය පැවසූ බවද  පොලිසිය සඳහන් කළේය .

මෙම පුද්ගලයා විනාඩි 30 ක පමණ  කාලයක් යන තුරුත් යළි නිවසට නොපැමිණීම   නිසා සොයා බැලීමේදි  ඔහු වැටී සිටියදී  හමුවූ බවත්   ඔහුගේ ගෙලෙහි තිබු පවුම් එකහමාරක් පමණ වන රන් මාලය  අතුරුදන්ව තිබූ බවත්  දියණිය පොලිසියට  පවසා තිබෙනවා.

පිටතින් කිසිදු තුවාලයක් දක්නට නොලැබුන  අතර සිහිසුන්ව සිටි පියා බදුල්ල මහරෝහලට රැගෙන ගිය බවත් එහිදී ඔහු මියගිය බවත් දියණිය පැවසූ බවයි පොලිසිය කියා සිටියේ.

කෙසේ නමුත් මෘත දේහයපිළිබදව  පශ්චාත් මරණ  පරීක්ෂණය පැවැත්වූ   බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි  ඩබ්ලිව් .එස්.ජී. ප්‍රනාන්දු මහතාගේ වාර්තාවට අනුව  මොට ආයුධයකින් හිසට පහරදී මෙම මරණය සිදුකර ඇති බව අනාවරණය කර තිබෙනවා.

ඒ අනුව  අඩුව ඉල්ලාගෙන නිවසට පැමිණි බව කියන තරුණයන් දෙදෙනා  විසින් මෙම ඝාතන සිදුර ඇතැයි සැකකරන අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවත් මේ අභිරහස් ඝාතනය සඳහා තවත් අයගේ උදව් ලැබී  ඇති බවට සැකකරන බවත් සැකකරන බවත්  හාලිඇල පොලිසිය  පවසනවා.

ඝාතනය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන හාලිඇළ පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

[පාලිත ආරියවංශ – බදුල්ල]

You might also like
Comments
Loading...