මැදවච්චියේ සහ කැබිතිගොල්ලෑවේ කොවිඩ් තතු

0 3

අනුරාධපුර දිස්ත්‍රිකයේ මැදවච්චිය සහ කැබිතිගොල්ලෑව නගරවල පිහිටි පුද්ගලික ඇගලුම් කම්හල් දෙකක කොවිඩ් ආසාදිතයින් රැසක් ඊයේ දින (17) හදුනා ගත් බවත් ඒ අතරින් බහුතරයක් රෝගීන් වාර්තා වූ කැබිතිගොල්ලෑව පුද්ගලික ඇගලුම් කම්හල අද (18) දින සිට වසා දැමීමට සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දුන් බවත් මැදවච්චිය පුද්ගලික ඇගලුම් කම්හල වසා දැමීම පිළිබඳවත් ඉදිරියෙදී තීරණයක් ගන්නා බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවසනවා.
ඒ අනුව මේ වන විට කැබිතිගොල්ලෑව පුද්ගලික ඇගලුම් කම්හලෙන් සේවකයින් 21 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හදුනා ගෙන ඇත.
මෙතෙක් කැබිතිගොල්ලෑව නගරයෙන් හමු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 70 ට ආසන්න බව කැබිතිගොල්ලෑව සෞඛ්‍ය අංශ අප කළ විමසීමකදී කියා සිටියා.
මැදවච්චිය පිහිටි පුද්ගලික ඇගලුම් කම්හලේ මෙතෙක් සිදු කළ රැපිට් ඇන්ටිජන් පරික්ෂණ හමුවේ 45% රෝගී ප්‍රතිශතයක් හමු වී ඇත.

Read Also This News : රඹෑව ප්‍රාදේශීය සභා සභාපතිගේ අධිකරණ සේවකයෙකුට ප්‍රහාරයක්
මැදවච්චිය ඇගලුම් කම්හලේ සිදු කළ රැපිට් ඇන්ටිජන් පරික්ෂණ 23 න් සේවකයින් 10 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස ඊයේ ( 17) පස්වරුව වන විට තහවුරු වූ බව මැදවච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.
පවතින කොවිඩ් 19 තත්ත්වය අනුව ඊයේ (17) මැදවච්චිය ඇගලුම් කම්හලෙන් හමු වූ නව කොවිඩ් පොකුරේ අනිකුත් සේවකයින් කඩිනම්න් රැපිට් ඇන්ටිජන් පරික්ෂණ සඳහා යොමු කිරීමට නොහැකි තත්ත්වයකට මේ වන විට මැදවච්චිය සෞඛ්‍ය අංශ පත්ව ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වැඩිදුරටත් කියා සිටියා.
ඒ පිළිබඳ අප මැදවච්චිය සෞඛ්‍ය බලධාරින්ගෙන් කළ විමසීමකට අනුව මැදවච්චිය සෞඛ්‍ය අංශ වෙත ලබා දී ඇති රැපිට් ඇන්ටිජන් පරික්ෂණ ටෙස් කිඩි තොගය මේ වන විට සිදු කළ පරික්ෂණ හමුවේ අවසන් වී ඇති බව පැවසීය.
එය කඩිනම්න් ලබා දෙන්නේනම් මැදවච්චිය නගරයේ සහ එහි අවට රැපිට් ඇන්ටිජන් පරික්ෂණ කඩිනම්න් සිදු කිරීමට කටයුතු කරන බවද මැදව්චිචිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා.
මෙවැනි තත්ත්වයක් හමුවේ මැදවච්චියේ මෙතෙක් හදුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 64 දක්වා ඉහල ගොස් ඇත.
එම ආසාදිතයින්ගේ සමීපතම ආශ්‍රිතයින් ලෙස හදුනාගත් පවුල් 400 ට ආසන්න පිරිසක් මැදවච්චිය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් මේ වන විට ගෘහස්ත නිරෝධායනයට යොමු කර ඇති අතර කොවිඩ් රෝගීන් පොකුරක් ලෙස වාර්තා වූ මැදවච්චිය ඇගලුම් කම්හලේ ලයින් 03 ක් තාවකාලිකව වසා දැමීමටද මැදවච්චිය මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඊයේ( 17) දින කටයුතු කර කළා.

You might also like
Comments
Loading...