කොවිඩ් ආසාදිතව සිටි සිව්දරු මවක් මරුට

0 4

හුදකලා කර ඇති ඉන්ජස්ට්‍රි ග්‍රාමසේවා වසමට අයත් බිලින්කිබොනි වතු යායේ බාත්පොඩ් කොටසේ පදිංචි  සිව්දරු මවක් කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇතැයි බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ. ගනේෂ් මහතා පවසනවා.

මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 59 හැවිරිදි සිව්දරු මවකි.

මින් පෙර කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයන් වූ මියගිය සිව්දරු මව සහ පවුලේ සමාජිකයන් බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය  පරික්ෂකවරුන් විසින් ස්වයං නිරෝධායනයට යොමු කර සිට තිබෙනවා.

Read Also This News : මැදවච්චියේ සහ කැබිතිගොල්ලෑවේ කොවිඩ් තතු

ඒ අනුව මියගිය කාන්තාව ද එලෙස ස්වයං නිරෝධානයට යොමු කර සිටියදි ජිවිතක්ෂයට පත්ව ඇති බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පවසන්නේ.

නිවසේදි හදිසියේ කොවිඩ් 19 රෝග ලක්ෂණ මතුවි රෝගාතුර වු සිව්දරු මව දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු රෝහලේදි සිදු කල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයේදි ඇයට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

පසුව දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සිව්දරු මව ඊයේ(18) දින අලුයම ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය සිව්දරු මවගේ පවුලේ සමාජිකයන් සහ අවට පදිංචිකරුවන් 30 දෙනෙකු ඊයේ (18) දින පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කල බවත්, පි.සි.ආර් පරික්ෂණයට භාජනය කල සියළුම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට කටයුතු කළ බවත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩිදුරටත් කියා සිටියා.

You might also like
Comments
Loading...