වෛද්‍යවරයෙකුට කොවිඩ් – ඩයගම රෝහල තාවකාලිකව වැසේ

0 6

නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන ආගරපතන ඩයගම ප්‍රාදේශිය රෝහලේ වෛද්‍යවරයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම රෝහල අද (19) දින සිට තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බව ළිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා කියා සිටියා.

ආසාදිත වෛද්‍යවරයාගේ ළඟම ආශ්‍රිතයන් වූ එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ 16 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කිරීම හේතුවෙන් ප්‍රාදේශිය රෝහල තාවකාලිකව වසා දැමිමට පියවර ගත් බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

තාවකාලිකව වසා දැමූ ඩයගම ප්‍රාදේශිය රෝහලේ අවට පදිංචිකරුවන්ට ආගරපතන ප්‍රාදේශිය රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනිමට හැකි බවත්, ඩයගම ප්‍රාදේශිය රෝහලේ ආසාදිත වෛද්‍යවරයාට ඩයගම ප්‍රදේශයේ සත්ව ගොවිපලක කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ ආසාදිතයන්ගෙන් වෛරසය ආසාදනයවන්නට ඇති බවට සැකකරන බවයි ළිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ.

You might also like
Comments
Loading...