සංචරණ නීති කඩ කළ සිවාජිලිංගම්ට පොලීසියෙන් අවවාද

0 2

උතුරු පලාත් හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් යාපනයේ යුද සැමරුමක් සඳහා ඊයේ (18) සවස ගමන්කරමින් සිටියදී සංචරණ නීති කඩකිරීම හේතුවෙන් පොලීසිය විසින් අවවාද කොට ආපසු හරවා යැවීමට පියවර ගෙන තිබෙනවා.

යාපනය වීරසිංහම් ශාලාව අසලදී සිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා වාහනයකින් ගමන්කරමින් සිටියදී පොලීසිය විසින් නවතා නිරෝධායන නීතියට අනුව ජාතික හැඳුනුම්පත් අංකය පරික්ෂා කිරීමට පියවර ගෙන තිබෙනවා.

එහිදී මන්ත්‍රීවරයා පවසා ඇත්තේ තමන් මුලතිව් සිට නඩුවකට පෙනී සිට පැමිණෙන බවටත් සවස තම කාර්යාලය ඉදිරියේදී යුද සැමරුමකට සහභාගී වීමට නියමිත බවටත්ය.

Read Also This News : කොවිඩ් ආසාදිතව සිටි සිව්දරු මවක් මරුට

නිරෝධායන නීතියට අනුව ඊයේ (18) දින නිවසෙන් බැහැරව යා හැක්කේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය ඉරට්ටේ අංකයක් නම් පමණක් වුවද හිටපු මන්ත්‍රීවරයාගේ ජාකික හැඳුනුම්පතේ අවසන් අංකය ඔත්තේ සංඛ්‍යාවක් බැවින් අදාල නිරෝධායන නීතිය කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හැකියාව පවතින බවට මන්ත්‍රීවරයාට දැනුම් දී අවවාද කොට ආපසු හරවා යැවීමට යාපනය පොලීසිය විසින් පියවර ගෙන තිබෙනවා.

You might also like
Comments
Loading...