මුලතිව් ඇඟලුම් කම්හලේ කොරෝනා පොකුර 266 දක්වා ඉහලට

0 2

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා පොකුරක් නිර්මාණය වී ඇති බවටත් මේ වන විට එම ප්‍රමාණය 266 ක් දක්වා වර්ධනය වී ඇති බවට මුලතිව් සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසනවා.

පුදුකුඩිඉරිප්පු ඇඟලුම් කර්මාන්ත ශාලාවේ දහසකට අධික සේවක පිරිසක් සේවය කරන අතර පසුගියදා එහි සේවකයින් කිහිප දෙනෙකුට ඇතිවූ ආසාද්‍ය තත්වයන් හේතුවෙන් සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණයන්වලදී සේවකයින් 131 දෙනෙකුට කොරෝණා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූවා.

Read Also This News : වෛද්‍යවරයෙකුට කොවිඩ් – ඩයගම රෝහල තාවකාලිකව වැසේ

පසුව සෙසු සියලුම සේවකයින් පී.සී.ආර්. පරික්ෂණයන්ට යොමු කරවීමට පියවර ගෙන ඇති අතර මේ වන විට ලැබී ඇති පී.සී.ආර්. පරික්ෂණ වාර්ථාවලට අනුව ආසාදිතයින් 266ක් හඳුනාගෙන ඇති බවටත් තවත් පී.සී.ආර්. පරික්ෂණ වාර්තා ඉදිරියේදී ලැබීමට නියමිත බැවින් ආසාදිත ප්‍රමාණය ඉහල යා හැකි බවටද සෞඛ්‍ය නිලධාරීන් පවසනවා.

අදාල ආසාදිතයින් සමීපව ඇසුරු කරන ලද පුද්ගලයින් මේ වන විට නිවෙස්වලම නිරෝධායනය කරවීමට පියවර ගෙන ඇති අතර අදාල ආසාදිත පිරිස් ඇසුරු කරන ලද පුද්ගලයින් හඳුනාගැනීමේ කටයුතුද මේ වන විට ක්‍රියාත්මක බවටද මුලතිව් සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් කියා සිටියා.

You might also like
Comments
Loading...