නිරෝධායන නීති කඩකල පේදුරුතුඩුව මාළු වෙළඳසැල වසාදැමේ

0 4

සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය නොකරමින් නිරෝධායන නීති කඩකළ යාපනය පේදුරුතුඩුව මාළු වෙළඳපොළ නැවත දැනුම්දෙනතුරු වසා දැමීමට පේදුරුතුඩුව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය විසින් පියවර ගෙන තිබෙනවා.

අවස්ථා කිහිපයකදී පේදුරුතුඩුව මාළු වෙළඳපොළෙ ධීවරයින්ට, වෙළෙන්ඳන්ට හා ජනතාවට සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් වෙළඳාම් හා මිලදීගැනීම් කටයුතු සිදුකරන ලෙසට දැනුම්දුන්නද එය නොසලකා හරිමින් කටයුතු කිරීම නිසා මෙලෙස මාළු වෙළඳපොළ වසා දැමීමට සිදුවූ බවටද සෞඛ්‍ය නිලධාරීන් කියා සිටියා.

Read Also This News : සංචරණ නීති කඩ කළ සිවාජිලිංගම්ට පොලීසියෙන් අවවාද

යාපනය දිස්ත්‍රීක්කයේ මේ වන විට කොරෝනා ව්‍යාප්තිය සීග්‍රයෙන් සිදුවන බවත් පාලනය  වනතෙක් මෙලෙස මහජනතාව වැඩිවශයෙන් ගැවසෙන ස්ථානයන්ට සංචරණ සීමා පැනවීමට සිදුවන බවටද පේදුරුතුඩුව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් පවසනවා.

You might also like
Comments
Loading...