UPDATE: අද දවසේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3600 ඉක්මවයි

0 5

අද දවසේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3600 ඉක්මවා තිබෙනවා. 

ඒ ශ්‍රී ලංකාවෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද(19) වාර්ත කරමින්.

ඒ අනුව අද දිනයේ මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3,623ක්.

මින් ආසාදිතයන් 3,591 දෙනෙක් අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් වාර්තා වන අතර සෙසු පිරිස වාර්තා වන්නේ විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පිරිස අතරින් වනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය කියා සිටියේ මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 151,343ක් බවයි.

ඒ අනුව මේ වන විට දිවයින පුරා රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල රෝගීන් 27,925 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

 


 

දෛනික ආසාදිතයන් ගණන පළමුවරට 3000 ඉක්මවයි

සමස්ත ආසාදිතයන් ගණන 150,000 ඉක්මවයි [May 19, 2021 at 18:55]

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 150,000 ඉක්මවා තිබෙනවා.

ඒ අද(19) දිනයේදී මේ වන විට කොවිඩ් 19 ආසාදිතයන් 3,051 දෙනෙක් වාර්තා වීමත් සමගින්.

ඒ අනුව අද දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් ගණන මෙතෙක් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවද වනවා.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 150,771ක්.

Read Also This News : ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලක්ෂ 09 ක් මෙරටට ගෙන්වීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා

ඉන් මේ වන විට ආසාදිතයන් 122,367 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

එසේම මේ වන විටත් ආසාදිතයන් 27,389 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 1015ක්.

 

You might also like
Comments
Loading...