රටට ඇතුළු වීම දින 10කට තහනම් කරයි

0 0

එළැඹෙන සිකුරාදා(21) මධ්‍යම රාත්‍රීයේ සිට මැයි මස 31 වනදා මධ්‍යම රාත්‍රීය දක්වා විදේශයන්හි සිට පැමිණෙන කිසිවෙකුටත් රට තුළට ඇතුළුවීම අත්හිටුවා තිබෙනවා.

පැතිර යන කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ විශේෂයෙන්ම පිටරට සිට මෙහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගෙන් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද රට තුලට ඇතුලුවීම වළක්වාලීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන තිබෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරනවා.

කෙසේවෙතත් මෙරටින් පිටත්වන ගුවන් මගීන් සඳහා සැලසුම් කළ පරිදිම පිටත්වීම සඳහා අවසර ලැබෙන අතර භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා සඳහා එවැනි කිසිදු බාධාවක් නොමැති බවද සදහන්.

 

You might also like
Comments
Loading...