දිනක් තුළ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවත් අද වාර්තා කරයි

0 4

දිනක් තුළ වාර්තා වන වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවද අද(19) දිනයේ වාර්තා වනවා.

ඒ කොවිඩ් ආසාදිත මරණ 36ක් වාර්තා කරමින්.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 1051ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

දිනකදී වාර්තා වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා වූවා.

ඒ මරණ 34ක් වාර්තා කරමින්.

කොවිඩ් 19 ආසාදිතව අද(19) දිනයේ වාර්තා වූ මරණ අතරින් 17 දෙනෙක් කාන්තාවන් වන අතර සෙසු පිරිස පිරිමි පුද්ගලයන් වනවා.

ඒ අතර තල්ගස්වල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කාන්තාවක්ද ගිංතොට ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ද ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක්ද වනවා.

එලෙස වාර්තා වූ මරණ මැයි 06 වනදා සිට අද(19) දින දක්වා වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටින්නේ.

එලෙස මියගිය සියලු දෙනා සම්බන්ධයෙන් විස්තර පහතින් දැක්වේ.

 

 

 

You might also like
Comments
Loading...