ප්‍රදේශ රැසක හුදකලාභාවය ඉවත් කරයි

0 6

දිවයිනේ දිස්ත්‍රික්ක හයකට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක හුදකලා බව අද(20) අලුයම සිට ඉවත් කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මේ අනුව දිස්ත්‍රික්ක හයක පොලිස් බලප්‍රදේශ 18කට අයත් ග්‍රාම නිලධාරී වසම් රැසක් මෙලෙස හුදකලාභාවයෙන් නිදහස් කර තිබෙනවා.

කෙසේ වෙතත් මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් ග්‍රාම නිලධාරි වසම් පහක් අද (20) අලුයම සිට අලුතින් හුදකලා කර තිබෙනවා.

මෙලෙස අලුතින් හුදකලා කර ඇත්තේ මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් මඩකලපුව පොලිස් බලප්‍රදේශයේ සින්නෝරානි සහ පලමීන්මඩු යන ග්‍රාම නිලධාරී වසම් දෙක සහ කාත්තන්කුඩි පොලිස් බලප්‍රදේශයට අයත් තිරුචෙන්දුර්, කල්ලඩි වෙල්ලූර් සහ නොචිමුනාය යන ග්‍රාම නිලධාරි වසම් තුනයි.

හුදකලාභාවය ඉවත් කරනු ලබන ග්‍රාම නිලධාරි වසම් සහ ප්‍රදේශ පහත පරිදි වේ.

Read Also This News : රටට ඇතුළු වීම දින 10කට තහනම් කරයි

කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ නාම්පමුණුව, ගොරකාපිටිය, මාවිත්තර, පැලැන්වත්ත බටහිර සහ පැලැන්වත්ත නැගෙනහිර යන ග්‍රාම නිලධාරි වසම් සහ මොරටුමුල්ල පොලිස් බලප්‍රදේශයේ විල්ලෝරවත්ත ග්‍රාම නිලධාරි වසම සහ මහරගම පොලිස් බලප්‍රදේශයේ ඇරව්වලව සහ පමුණුව ග්‍රාම නිලධාරී වසම් හුදකලාභාවයෙන් නිදහස් කර තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන පොලිස බලප්‍රදේශයේ කේ.සී. සිල්වාපුරය, කදිරාන උතුර ග්‍රාම නිලධාරි වසමේ ඇටබගහවත්ත කොටස, කදිරාන දකුණ ග්‍රාම නිලධාරි වසමේ පේශකර්ම කොටස, වත්තල පොලිස් බලප්‍රදේශයේ වත්තල ග්‍රාම නිලධාරි වසම, මහර පොලිස් බලප්‍රදේශයේ ඇල්දෙණිය, සූරියපාලුව දකුණ, සූරියපාලුව උතුර, පහළ කරගහමුණ උතුර සහ ඉහළ කරගහමුණ උතුර ග්‍රාම නිලධාරි වසම හුදකලාභාවයෙන් නිදහස් කර තිබෙනවා.

එසේම කළුතර දිස්ත්‍රික්කයේ මොරගහහේන පොලිස් බලදේශයේ පලන්නොරුව, කෝරළඉම, කුඹුක බටහිර ග්‍රාම නිලධාරි වසම්ද හොරණ පොලිස් බලප්‍රදේශයේ නර්තනගල ග්‍රාම නිලධාරි වසමද මතුගම පොලිස් වසමේ යටදොළවත්ත බටහිර ග්‍රාම නිලධාරි වසමේ කොරටුහේන ගමද පානදුර දකුණ පොලිස් බලප්‍රදේශයේ වලාන උතුර, වෑකඩ බටහිර, කිරිබේරිය සහ මාලමුල්ල නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම්ද බදුරලිය පොලිස් බලප්‍රදේශයේ ඉඟුරුදළුව, මීදලන, පැලෑඳ, මොරපිටිය, තිනියාවල සහ හැඩිගල්ල යන ග්‍රාම නිලධාරි වසම් සහ අගලවත්ත පොලිස් බලප්‍රදේශයේ පිඹුර ග්‍රාම නිලධාරි වසමද හුදකලාභාවයෙන් නිදොස් කොට තිබෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස බලප්‍රදේශයේ පනන්ගම්මන ග්‍රාම නිලධාරි වසමත් වවුනියා දිස්ත්‍රික්කයේ පූවරනකුලම් පොලිස් බලප්‍රදේශයේ කුරුක්කල් පුතුකුලම් ග්‍රාම නිලධාරි වසමේද හුදකලා භාවය ඉවත් කර තිබෙනවා.

එසේම මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ, නාඋල සහ දඹුල්ල යන පොලිස් බලප්‍රදේශවල හුදකලාභාවයද ඉවත් කර තිබෙනවා.

මේ අතර ගලේවෙල පොලිස් බලප්‍රදේශයේ ගලේවෙල නගරය, දඩුයාය, පහළ බම්මාව, කුමුක්ගොල්ල, තලකිරියාගම, පලාපත්වල සහ වැටකොලු වැව යන ග්‍රාම නිලධාරි වසම් හැර සෙසු සියලුම ග්‍රාම නිලධාරි වසම් හුදකලා බවින් ඉවත් කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

 

You might also like
Comments
Loading...