SJBයේ මුජිබර්ට කොවිඩ් ආසාදිත බව තහවුරු වෙයි

0 2

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

ඒ අනුව ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

එසේම මන්ත්‍රීවරයා මේ වන විට කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වනවා. 

මේ අතර ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවරඑළිය දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රාමේෂ්වරන් මහතාටද කොවිඩ් 19 ආසාදිත බව දික්ඔය මූලික රෝහලේදී ඊයේ(19) සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී තහවුරු වී ඇතැයි වාර්තා වනවා.

රමේෂ්වරන් මහතාට රෝග ලක්ෂ මතුවීම හේතුවෙන් දික්ඔය මූලික රෝහලට ඊයේ(19) දින පැමිණ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සිදුකරගෙන තිබෙනවා.

Read Also This News : UPDATE: අද දවසේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3600 ඉක්මවයි

එහිදී මන්ත්‍රීවරයාට කොවිඩ් 19 වෛරසය ආසාදිනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් මන්ත්‍රීවරයා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහල් කාමරයක් වෙන් කරවාගෙන දික්ඔය මූලික රෝහලෙන් බැහැරව ගිය බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

මේ අතර මරුදපාණ්ඩි රමේෂ්වරන් මන්ත්‍රීවරයාගේ ළඟම ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමු කිරීම සඳහා මන්ත්‍රීවරයා පදිංචි තලවකැලේ මඩකුඹුර ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ නිලධාරීන් වෙත උපදෙස් ලබාදුන් බවයි දික්ඔය මූලික රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

 

You might also like
Comments
Loading...