මුලතිව් දිස්ත්රීක්කයට සංචරණ සීමා පැනවීම හේතුවෙන් දෛනික ආර්ථිකය කඩා වැටී ඇති දිළිඳු පවුල් වෙනුවෙන් එලවළු මලු නිවසටම ගොස් ලබාදීමට මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන තිබෙනවා.
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් උපාලි රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි 64 සේනංකාධිපති මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න මහතාගේ අධීක්ෂණයන් පරිදි මුලතිව් ඔඩ්ඩුසුඩාන් ප්රදේශයේ දිලිඳු පවුල් වෙතට වලවළු මලු නිවසට ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
එහිදී විවිධ වර්ගයේ එලවළු අඩංගු පාර්සාලයක් ලබා දුන් අතර දිළිඳු පවුල් සඳහා ඉදිරියේදීද සහන ලබාදීමට මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
Hits: 1