කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයෙන් කොවීඩ් රෝගීන් 750 කට අවශ්‍ය කොවීඩ් ප්‍රතිකාර රෝහල් 03 ක්

0 5

පවතින කොවීඩ් ආසාදනයේ ප්‍රමාණය දිනෙන් දින ඉහල යාම හේතුවෙන් කොවීඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය කොරෙන ඇඳන් 750 ක ධාරිතාවයෙන් යුත් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 03 ක් මේ වන විට සූදානම් කොට ඇති බවට කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානය පවසනවා.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ මහතාගේ අධීක්ෂණයෙන් 57 සහ 66 වන සේනාංකාධිපතිවරුනගේ නායකත්වයෙන් එහි නිලධාරීන් විසින් මෙලෙස කොවීඩ් 19 ආසාදිත රෝගීන් 750 ක් වෙනුවෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 03 ක් සූදානම් කරන තිබෙනවා.

මේ අනුව කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් ඇඳන් 350ක ධාරිතාවයෙන් යුත් මුරුගණ්ඩි යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථනය ඇඳන් 200 ක ධාරිතාවයෙන් යුත් භාරතීපුරම් යුදහමුදා නිරෝධායන මධ්‍යස්ථානය සහ ඇඳන් 200 ක ධාරිතාවයෙන් යුතු පරන්තන් යුදහමුදා කඳවුර මෙලෙස අතරමැදි කොවීඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයන් ලෙස යොදාගෙන ඇත.

අදාල අතරමැදි කොවීඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයන් වෙතට කිලිනොච්චිය දිසාපතිවරයා ඇතුලු ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරීන්ගෙන් මෙන්ම ප්‍රදේශයන්හි පිහිටි රෝහල්හි වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩලයන් විසින් සහයෝගය ලබා දෙනු ලබයි.

You might also like
Comments
Loading...