මොරගහකන්දට කසල දමන අමනයෝ

0 3

මොරගහකන්ද ජලාශ රක්ෂිතය පිහිටා ඇති ඇලහැර මාර්ගයේ කෝන්ගහවෙල ප්‍රදේශයට කුඩා දරුන්වන්ගේ සනිපාරක්ෂාව සදහා යොදා ගන්නා පැම්පස් විශාල ප්‍රමාණයක් මහ මග අසල දමාගොස් ඇතැයි ප්‍රදේශවාසින් පවසනවා.

සුන්දර පරිසර පද්ධතියක් වන මොරගහකන්ද ජලාශ රක්ෂිත මාර්ගයට අවස්ථා ගණනාවක දී විවිධ පුද්ගලයින් විසින් විවිධ කැළි කසල ද්‍රව්‍ය බැහැර කිරිම දිගින් දිගටම සිදුවෙමින් පවතිනවා.

නොදිරන අපද්‍රව්‍ය අතර අරක්කු බෝතල්, බීර ටිං, සායනික අපද්‍රව්‍ය මෙන්ම විවිධ කැළි කසල ඒ අතර ප්‍රධාන තැනක් ගන්නවා.

නාඋල ප්‍රාදේශිය සභාව අවස්ථා ගණනාවක දී එහි සේවකයින් මගින් හා විවිධ ස්වේච්ඡා සංවිධන විසින් ද කැළි කසල ඉවත් කිරිමේ කටයුතු සිදුකළ ද ඇතැම් පිරිස් විසින් සිදුකරනු ලබන කසල මහ මගට බැහැර කිරිම තවදුරටත් සිදුවන බවයි ප්‍රදේශවාසින් පෙන්වා දෙන්නේ.

මොරගහකන්ද රක්ෂිත ප්‍රදේශයේ වෙසෙන විවිධ වන සතුන් අතරේ වන අලින් මෙන්ම රිලවුන් සුනඛයින් මෙම අපද්‍රව්‍ය ආහාරයට ගැනීම සිදුවන බවත් මේ හේතුවෙන් නොදුරේදීම බරපතල ගැටළු රැසක් නිර්මාණය වෙමින් පවතින බවත් ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසනවා.

නාඋල සිට මොරගහකන්ද දෙසට ගමන් ගන්නා විවිධ පුද්ගලයින් රාත්‍රියේ මෙන්ම දහවල් කාලයේ දීද කිසිදු වගවිභාගයකින් තොරව මොරගහකන්ද රක්ෂිත ප්‍රදේශයට සිදුකරන කසල බැහැර කිරිම් නවතා දැමීම සදහා විධිමත් වැඩපිළිවෙලක් සකසන්නැයි පරිසර හිතකාමිහු බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

මොරගහකන්ද රක්ෂිත ප්‍රදේශයට කැළි කසල බැහැර කිරිම් සම්බන්ධයෙන් කලක් තිස්සේ නාඋල ප්‍රාදේශ සභාවේ ද කතිකාවට ලක්වු අතර මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු නාඋල ප්‍රාදේශිය සභාවේ සභාපති සනත් දසනායක මහතා (ශ්‍රී ලං පො ජ පෙ) අවධාරණය කර සිටියේ ආදාල ප්‍රදේශවල කැළි කසල ඉවත්කිරිම සම්බන්ධයෙන් අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙස මොරගහකන්ද වාරි ව්‍යාපෘතියෙන් ඉල්ලා ඇතත් මේ වනතෙක් ඒ සම්බන්ධයෙන් අවධානයට ලක් වී නොමැති බවයි.

කෙසේ වෙතත් පවත්නා තත්ත්වය හමුවේ මොරගහකන්ද රක්ෂිත කළාපයේ පාරිසරික ගැටළු රැසක් ඉතා ඉක්මනින් වාර්තාවනු ඇතැයි පරිසර හිතකාමිහු අනතුරු අඟවනවා.

You might also like
Comments
Loading...