ලක්ෂාපන එකම පවුලේ කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුළු හයකට කොවිඩ්

0 0

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන ලක්ෂපාන මොරහේනගම මහපැල්පොල ප්‍රදේශයේ එකම පවුලේ 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු කියා සිටියා.

ආසාදිතයන් 06 දෙනා අතර අවුරුදු 2 සහ අවුරුදු 5 ක ළමුන් දෙදෙනෙකු සිටින බවත්, එම පවුලේ පෙර ආසාදිතයෙකු මිට ප්‍රථම හඳුනාගත් බවත්, ඉන් අනතුරුව පවුලේ සමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කර සිදු කරන ලද පි.සි.ආර්. පරික්ෂණ වාර්තා අනුව නව ආසාදිතයන් 06 දෙනා හඳුනාගැනිමට හැකි වු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

එම ආසාදිතයන් පදිංචි නිවාසයට ආසන්නයේම තවත් ආසාදිතයෙකුද හඳුනාගත් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩිදුරටත් කියා සිටියා.

You might also like
Comments
Loading...