අදත් කොවිඩ් ආසාදිතයන් 3400 ඉක්මවූ දෛනික ආසාදිතයන් සංඛ්‍යාවක්

0 8

මෙරටින් අද(20) දිනයේදී ද කොවිඩ් 19 ආසාදිතයන් 3400කට අධික සංඛ්‍යාවක් තහවුරු වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද(20) රාත්‍රී 11 පමණ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 154786ක්.

ඒ අනුව අද දිනයේදී පමණක් ආසාදිතයන් 3443 දෙනෙක් වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

ඉන් ආසාදිතයන් 3441 දෙනෙක් අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් වාර්තා වනවා.

සෙසු ආසාදිතයන් දෙදෙනා වාර්තා වන්නේ විදේශගතව සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනයට ලක්වෙමින් සිටින පිරිස අතරින්.

ඒ අනුව මේ වන විට මෙරට කොවිඩ් ආසාදිත 30,203 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

කෙසේ වෙතත් ආසාදිතයන් 123532 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

එසේම වාර්තා වන කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 1051ක්.

කොරෝනා වෛරස රෝග ලක්ෂණ සහිත බවට සැකය මත පුද්ගලයන් 1824 දෙනෙක් රෝහල්ගතව ඇති බවද වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

You might also like
Comments
Loading...