දෛනික කොවිඩ් ආසාදිතයන් ගණන අදත් 3500 ඉක්මවයි

0 15

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 158,333ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ තවත් නව ආසාදිතයන් 3547 දෙනෙක් අද(21) දිනයේදී තහවුරු කර ගැනීමත් සමගින්.

ඉන් ආසාදිතයන් 3538 දෙනෙක් අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් වාර්තා වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

එසේම සෙසු ආසාදිතයන් 9 දෙනා විදේශගතව සිට පැමිණ නිරෝධායනයට ලක්ව සිටි පිරිස අතරින් තහවුරු වී තිබෙනවා.

ඒ අනුව මේ වන විට රෝහල්ගතව සිටින සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 31,884ක් වනවා.

Read Also This News : අධිවේගී මාර්ගවල ගිලන් රථ ධාවනය නොමිලේ

කෙසේ වෙතත් මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් අතරින් 125,360 දෙනෙක් සුවය ලබා තිබෙනවා.

මේ අතර ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 38ක් වාර්තා වීමත් සමගින් මෙරට කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 1089ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර කොවිඩ් රෝගීන් ලෙස සැකසහිත රෝගීන් 1772 දෙදෙනක් අද(21) උදෑසන වන විට රෝහල්ගතව සිටි බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

 

You might also like
Comments
Loading...