තවත් කොවිඩ් මරණ 44ක් – සමස්තය 1132 දක්වා ඉහළට

0 11

කොවිඩ් ආසාදිත මරණ 44ක් ඊයේ(21) දිනයේ වාර්තා වීමත් සමගින් ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 1132ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අදාළ මරණ 44 පසුගිය මැයි 02 වනදා සිට 20 වැනිදා දක්වා සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටින්නේ.

මියගිය පුද්ගලයන් ඇටවීරගොල්ලෑව, හොරම්පැල්ල, අම්බලන්ගොඩ, කලල්ගොඩ, හිඳගල, බුලත්සිංහල, හොරණ, ගල්පාත, කුඩාවස්කඩුව, පිහිඹුව, අනුරාධපුරය, මන්නාරම, රත්ගම, ඉමදූව, මග්ගොන, මතුගම, වේයන්ගොඩ, අතුරුගිරිය, සෙවනගල, මල්ලෑව, කිරිමැටියා, ඉහළ කටුනේරිය, මහනුවර, පරගස්තොට, උතුරු කළුතර, වලල්ලාවිට, බෙබ්රුවල, පයාගල, කොළඹ 12, කොළඹ 02, පොල්ගස්ඕවිට, ගාල්ල, නාක්කවත්ත, රාගම, පන්නිපිටිය, හෝමාගම, නාරංගොඩ, ගනේපොල, ගොකරැල්ල, අලහිටියාව, හිඳගොල්ල සහ බණ්ඩාරකොස්වත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි රජයේ වාර්තා දෙපාර්තමේන්තුව පවසන්නේ.

එම මරණ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

You might also like
Comments
Loading...