වවුනියාවේ රිය අනතුරකින් අයෙක් මරුට

0 3

වවුනියාව, පැරණි බස් නැවතුම්පොළ ඉදිරිපස ඊයේ(21) සවස සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව පොලිසිය පවසනවා.

ටිපර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

අනතුරින් වවුනියාව පූම්පුහාර් ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථ රියදුරු අත්අඩංගුවට  ගැනුණු බවයි පොලිසිය කියා සිටියේ..

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

You might also like
Comments
Loading...