විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියට කොවිඩ් වෛරසය වැළඳී තිබෙනවා.
ට්විටර් සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කලේ ඊයේ දිනයේදී තම බිරිඳ කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හමුවේ පී සී ආර් පරීක්ෂණයකට භාජනය කෙරුණු බවයි.
එහිදී ඇය කොවිඩ් ආසාධිත බව හෙළිකරගෙන තිබෙනවා.
අනතුරුව සජිත් ප්‍රේමදාස මහතාද පී සී ආර් පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහිදී ඔහුද කොවිඩ් ආසාධිත බවටයි තහවුරු කරගෙන ඇත්තේ.
තමා සහ බිරිඳ මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කල ට්විටර් සටහනේ වැඩිදුරටත් සඳහන්.
මෙම අසීරු අවස්ථාවේදී පවා විපක්ෂයේ කාර්යභාරය ඉටුකරමින් මහජනතාවගේ සෞඛ්‍ය තත්වය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.
සියලු සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ජාතියක් ලෙස මෙම සටනට එරෙහිව සටන් වැදීමට එක්වන ලෙසටයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
Yesterday, my wife was admitted to hospital with symptoms of Covid-19. She subsequently tested positive having done a PCR.
Following Health Guidelines, I did a PCR as well and was informed a short while ago that I too, have tested positive.
— Sajith Premadasa (@sajithpremadasa) May 23, 2021
Hits: 1