25 සංචරණ සීමා ලිහිල් වෙනවා විතරයි ඉවත් කිරීමක් නැහැ – හමුදාපති

0 5

ලබන 25 වනදා සංචරණ සීමා ලිහිල් කළත් එය කිසිසේත්ම එම සීමා ඉවත් කිරීමක් ලෙස සැලකීමට නොහැකි බව කෝවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද(23) කියා සිටියා.

මේ අතරේ තමන්ට උවමනා අත්‍යවශ්‍ය දේවල් ලබා ගැනීමට පවුලේ එක් අයෙකුට පමණක් නිවසින් එළියට යා හැකි බවද ඔහු කියා සිටියා. 

සංචරණ සීමා ලිහිල් කිරීම සිදුවන්නේ ආහාර ද්‍රව්‍ය හා ඖෂධ වැනි ජන ජීවිතයට අත්‍යවශ්‍යම භාණ්ඩ හා සේවා සපයා ගැනීමට පමණක් බවයි යුද හමුදාපතිවරයා අවධාරණය කරන්නේ.

ලබන 25 වනදා අලුයම 4 ට සංචරණ සීමා ලිහිල් කර එදිනම රාත්‍රී 11 ට නැවත පැනවීමට නියමිතයි.

එම කාලය තුළදී අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනිමට නිවෙස්වලින් බැහැරව යා හැක්කේ එක් අයෙකුට පමණයි.

මත්පැන් අලෙවිසල් විවෘතව තැබිමට හා අත්‍යවශ්‍ය නොවන මහජන ඒකරාශීවිම් සදහා කිසිදු ඉඩක් නොමැති බව ද ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරනවා.

ලබන 28 වනදා සංචරණ සීමා ලිහිල් කළ විට ද මෙම නියමනයන් එලෙසම ක්‍රියාත්මකයි.

ලබන 29 හා 30 සති අන්තයේ සංචරණ සීමා පැනවීම පිළිබද තීරණය ලබන 27 වනදා තත්ත්වය සමාලෝචනය කිරීමෙන් පසු ගැනීමට නියමිතයි.

සංචරණ සීමා ලිහිල් කිරීම හේතුවෙන් ලබන 25 වනදා දින පමණක් දුම්රිය ධාවනය කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත සංචරණ සීමා ක්‍රියාත්මක වන ආකාරය නිරීක්‍ෂණය කිරීම සදහා යුද හමුදාවේ යතුරුපැදි කණ්ඩායම් හා පාබල ඒකක කණ්ඩායම් කිහිපයක් ද යොදවා තිබෙනවා.

විශේෂ ක්‍රියාන්විතයක් ලෙස ඔවුන් යාපනය හා මහනුවර ප්‍රදේශවල මෙහෙයුම් ක්‍රියාත්මක කළා.

You might also like
Comments
Loading...