තවත් කොවිඩ් මරණ 32ක් – සමස්තය 1210 දක්වා ඉහළට

0 101

පසුගිය අප්‍රේල් 23 වැනිදා සිට මැයි 22 වනදා දක්වා සිදුව ඇති බව කියන කොවිඩ් 19 ආසාදිත තවත් මරණ 32ක් පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද(23) නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව අද(23) දිනයේ මරණ පහක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 1210ක්.

අප්‍රේල් මස 23 වනදා සිට මැයි 22 වනදා දක්වා මරණ 27ක් සිදුව ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටින්නේ.
ඒ අනුව අද (23) දිනයේ මෙරටින් වාරතා කෙරෙන මරණ සංඛ්‍යාව 32ක්.

එම මරණ මාතලේ, මීගමුව, කොටුගොඩ, නාරංගොඩ, හසලක, ගාල්ල, බදුල්ල, පානදුර, කල්එළිය, අලව්ව, පොළොන්නරුව, දකුණු කළුතර, බෝගහකුඹුර, ඉමදූව, මාවනැල්ල, කාත්තන්කුඩි, කටුකිතුල,එඬේරමුල්ල, හාවාඑළිය, හැටන්, මාවනැල්ල, පන්නිපිටිය, මහරගම, කඳාන, මිනුවන්ගොඩ, පානදුර, කලවාන, රුවන්වැල්ල, මතුගම සහ නුගේගොඩ යන ප්‍රදේශවලින් වාර්තා වනවා.

අද දිනයේදී වාර්තා වූ මරණ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

You might also like
Comments
Loading...