තවත් කොවිඩ් ආසාදිතයන් 2959ක්

ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් ගණන 164201 දක්වා ඉහළට

0 79

මෙරටින් ඊයේ(23) දිනයේදී කොවිඩ් 19 ආසාදිතයන් 2959 දෙනෙකු තහවුරු වීමත් සමගින් සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 164,201ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් ආසාදිතයන් 2,945 දෙනෙක් අලුත් අවුරුදු කොවිඩ් පොකුරෙන් වාර්තා වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

සෙසු ආසාදිතයන් 14 දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පිරිස අතරින් තහවුරු වී තිබෙනවා.

ඒ අනුව මේ වන විට ආසාදිතයන් 34,416 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර ආසාදිතයන් 128,607 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

මේ අතර මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1210ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ඊයේ(23) උදෑසන 10 පමණ වන විට රෝහල්ගත කර ඇති කොරෝනා රෝගීන් ලෙස සැකසහිත රෝගීන් සංඛ්‍යාව 1515ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

You might also like
Comments
Loading...