රසායනාගාරය සදහා උපකරණ මිලදී ගැනීමට ගුවන්තොටුපලින් රුපියල් කෝටියක්

0 8

හම්බන්තොට පැරණි රෝහල තුළ ඉදිකරමින් පවතින රසායනාගාරය සදහා PCR යන්ත්‍රයක් හා අනෙකුත් උපකරණ මිලදී ගැනීමට ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම රුපියල් කෝටියක මුදලක් ප්‍රදානය කර තිබෙනවා.

ඒ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ හා ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක යන මහත්වරුන්ගේ ඉල්ලීමකට අනුවයි. 

ගුවන්තොටුපල සභාපති ජී.ඒ.චන්ද්‍රසිරි මහතා විසින් අදාළ ප්‍රදානය සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත පිළිගන්වා තිබෙනවා. 

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර මීට අමතරව රජයේ ඉහළ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා. 

You might also like
Comments
Loading...