කිලිනොච්චියේ වට්ටක්කා ගොවීන් කබලෙන් ලිපට

රොමේෂ් මධුෂංඛ - වන්නි

0 5

පවතින කොරෝනා අවදානම සහ සංචරණ සීමා හේතුවෙන් කිලිනොච්චියේ වට්ටක්කා ගොවීන්ට සිට වට්ටක්කා විකුණා ගැනීමට නොහැකිවීම හේතුවෙන් වට්ටක්කා කිලෝ ලක්ෂ 3 කට ආසන්න ප්‍රමාණයක් නරක්වීමේ අවදානමකට ලක්ව ඇති බව එම ගොවීන් පවසනවා.

කිලිනොච්චිය කන්නගිපුරම් ඇතුලු ගම්මාන කිහිපයක වට්ටක්කා ඵලදාවන් කොටසක නෙලා අවසන් කර ඇති අතර තවත් විශාල ප්‍රමාණයක් නෙලීමට සිදුව තිබෙන හෙයින් පවතින කොරෝනා අවදානම හමුවේ වට්ටක්කා වෙනත් දිස්ත්‍රීක්කයන් වෙතට රැගෙන යාමට නොහැකිවීම මත වට්ටක්කා ඵලදාව කල්තබාගැනීමට සිදුව ඇති බවට ගොවීන් පවසනවා.

විවිධ ණය ලබාගැනීම් හා දුෂ්කරතා හමුවේ වට්ටක්ක වගාවන් සිදුකලද එහි ඵලදාවට සරිලන වටිනාකමක් නොලැබීම හේතුවෙන් ගොවීන් දැඩි අසරණභාවයට පත්ව ඇති අතරම ඉදිරි දිනයන්හි වට්ටක්කා විකුණාගැනීමට නොහැකි වුවහොත් සියලු වගාවන් විනාශ වීමේ අවධානමක් පවතින බවටද එම ගොවීහු කියා සිටිනවා.

You might also like
Comments
Loading...